සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...

ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...

by Staff writer 11-05-2025 | 12:45 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විවෘත වරෙන්තු 7 කට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

කොළඹ, මාතර, තංගල්ල ඇතුලු අධිකරණ කිහිපයකින් එලෙස ඇයට වරෙන්තු නිකුත් කර ඇතැයි, පොලීසිය පැවසුවේ ය.

සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.