.webp)
ඒ, නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා බලමිනි.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතයි.
කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ විනිසුරු මඩුල්ලෙන් මහේන් වීරමන් මහතා ඉවත් වන බව දැනුම් දී ඇති බවයි.
ඒ, ඒ මහතා ලබන සැප්තැම්බර් මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවිනි.
විනිසුරු මහේන් වීරමන් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වේ.