.webp)
සිරස මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිරස වෙසක් කලාපයේ ඇති වෙසක් තොරණ හා පහන් කූඩු ආදිය නැරඹීමේ අවස්ථාව අද හා හෙටත් පැවැත්වේ.
වෙසක් කලාපයට පැමිණි සැදැහැවතුන්ට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සහ ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා මාන කිරිමේ දුලභ භාග්‍ය උදාවිය.
පෙරේදා හා ඊයේ දිනවල සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා දස දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරස වෙසක් කලාපයට පැමිණියේය.
වෙසක් කලාපයේ නිර්මාණය කර ඇති මනරම් තොරණෙන් නිරූපණය වන්නේ අන්දභූත ජාතක කථා වස්තුවයි.
පැමිණි පිරිසගේ වෙහෙස නිවා ගැනීමට දන්සැල් ද සංවිධාන කර තිබුණි.
සැදැහැ ගී ප්රසංගයේදී ඊයේ ගීතවත් වූයේ ද Voice Teens තරගයට ඉදිරිපත් වූ දක්ෂයින් පිරිසකි.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මෙවරත් සිරසා නමාමි සිරස වෙසක් කලාපයට දායකත්වය ලබා දී තිබේ.
මේ අතර සිරසා නමාමි සිරස වෙසක් කලාපයට වැඩම කරවූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සහ ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා යළි එම විහාරස්ථාන වෙත වැඩ කරවීම අද(14) උදෑසන සිදුවේ.