.webp)
පොළොන්නරුව සිරි පුර ගබඩාවක තිබී පොහොර මිටි 1565ක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාරයට ගෙන තිබුණි.
පොලිසිය සඳහන් කළේ, එම පොහොර CIC කවරවල බහා රුපියල් රුපියල් 12,000 කට පමණ අළෙවි කර ඇති බවයි.
දෙහිඅත්තකණ්ඩිය , සිරිපුර , හිඟුරන්ගොඩ , වැලිකන්ද සහ පොළොන්නරුවේ ගොවීන් එම පොහොර මිලදි ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
එම පොහොර යෙදූ ගොවිබිම්, දැන් කහ පැහැ ගැන්වී ඇති බව පොලිසිය නිරික්ෂණය කර ඇති අතර පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.