.webp)
ධවල මන්දිරය පැවසුවේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊට අදාළ විධායක නියෝගයට අත්සන් කර ඇති බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ නව විධායක නියෝගයට, රටවල් 40 ක තීරු බදු සංශෝධන ඇතුළත් වේ.
එම විධායක නියෝගය, අත්සන් තැබූ දින සිට දින 7 කට පසු බලාත්මක වන බව, ධවල මන්දිරය නිවේදනය කළේ ය.
ඒ අනූව අගෝස්තු 07 වැනිදා සිට අමෙරිකාව පැනවූ නව තීරු බදු බලාත්මක වීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් 02 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේ ය.
අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව කළ සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස තීරු බදු ප්‍රතිශතය, 30%ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
අද සිට බලාත්මකවීමට නියමිතව තිබූ එම බදු ප්‍රතිශතය අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.
අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය, 20%ක් දක්වා අඩු කරන බව, මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ, එහි ප්‍රතිඵලයක් ලෙසයි.