.webp)
මුහුදු සීමා උල්ළංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මස 02 වැනිදායි.
ධීවරයින් 08 දෙනෙකු සමග - රූට් බබා 06 - බහුදින ධීවර යාත්‍රාව පසුගිය අප්‍රේල් 05 වැනිදා වෙන්නප්පුවෙන් මුහුදු ගොස් තිබුණි.
ඔවුන් පවසන්නේ, ආහාර පාන ඇතුළු නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
කඩිනමින් තමන් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් බලධාරීන්ට දැනුම් දී තිබේ.
මේ අතර මැඩගස්කරයේ බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනා නිදහස් කර ගැනීම සඳහා සීෂේල්හි මෙරට තානාපති කාර්යාලය හරහා කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ, එම නඩුවට පෙනී සිටිම සඳහා ප්‍රංශ භා සිංහල භාෂාව පිළිබඳ දැනුමැති භාෂා පරිවර්ථකයෙකු මැඩගස්කර් වෙත යවන්නැයි ශීෂේල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබාදී ඇති බවයි.