දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් 3ක් රිමාන්ඩ්

බලංගොඩ නිවසක දරුවෙකු පිළිස්සී මිය යෑම සම්බන්ධයෙන් මව පියා ඇතුළු 03 දෙනෙකු රිමාන්ඩ් - පොලීසිය

by Staff writer 10-08-2025 | 8:56 PM

COLOMBO (News 1st) - බලන්ගොඩ නිවසක ඇතිවූ ගින්නකින් දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ මව පියා සහ මවගේ අනියම් සැමියා යැයි පවසන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී අද(10) සිදු කෙරුණි.

දරුවාගේ පියා හා මව බහින්බස් වීමක් වීමෙන් පසු ඊයේ(09) අළුයම නිවසින් අවස්ථා දෙකකදී පිටව ගොස් තිබුණි.

ඉන් අනතුරුව ගින්න ඇති වී තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය.

ගින්නට හේතුව නිෂ්චිතව අණාවරණය කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.