.webp)
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, යුද හමුදා 61 වැනි සේනාංක කඳවුර සහ බන්ධනාගාර පැරණි පරිපාලන ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබී ඒවා අඩංගු පාර්සලයක් සොයාගෙන ඇති බවයි.
බන්ධනාගාරයේ අංක දෙක මුරපොලේ රාජකාරියේ නියුතු නිලධාරියෙකුට යමක් වැටෙන ශබ්දයක් ඇසී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු කළ පරික්ෂාවකදී එම පාර්සලය සොයා ගෙන තිබේ.
ස්මාර්ට් ජංගම දුරකතන 4ක්, සිම් කාඩ්පතක්, චාජර් 10ක්, ඩේටා කේබල් 07 ක් හෑන්ඩ්ෆ්‍රී 07 ක් සහ දුම්කොළ තොගයක් එහි තිබී හමුවී තිබේ.
එම භාණ්ඩ, වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලීසියට භාර දුන් බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.