ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි.

by Staff writer 12-08-2025 | 9:32 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(12) රැස්වීමට නියමිතව තිබේ.

එහිදී මෙරට 37 වැනි පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත වී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කර තිබේ.

ඒ අනුව අද පස්වරු 1.30ට  ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.