දිගම්පතහ රිය අනතුරකින් අවුරුදු 3හමාරක දැරියක් මරුට

දිගම්පතහ රිය අනතුරකින් අවුරුදු 3 හමාරක දැරියක් මරුට

by Staff writer 12-08-2025 | 10:16 AM

COLOMBO (News 1st) - ඊයේ(11) සවස් කාලයේ දිගම්පතහ කිඹිස්ස මාර්ගයේ, දිගම්පතහ විද්‍යාලය ආසන්නයේදී  දිගම්පතහ දෙස සිට කිඹිස්ස දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ කාර් රථයක පසුපසින් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දැරියක් තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3හමාරක් වූ දිගම්පතහ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

යතුරු පැදිය දැරියගේ පියා විසින් පදවා ඇති අතර මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.