ජම්මු කාශ්මීර් ගංවතුරින් 60ක් මරුට..

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ගංවතුරින් මියගිය පිරිස 60ක් දක්වා ඉහළට

by Staff writer 15-08-2025 | 4:38 PM

COLOMBO (News 1st)- ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එරට ආපදා අංශ නිවේදනය කළේ, තවත් 500කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි.

අතුරුදන් වූ සංඛ්‍යාව 1,000 ඉක්මවිය හැකි බව එරට බලධාරීන් පවසයි.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ප්‍රදේශයට පැයට මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.