කුරුණෑගල වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මරුට

කුරුණෑගල විල්බාව වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 21-08-2025 | 11:47 AM

COLOMBO (News 1st) - ‍ කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ පිහිටි කම්කරුවන් පිරිසක් නවාතැන්ගෙන සිටි තාවකාලිකව ඉදිකල වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ,  36 හැවිදිරි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මිය ගොස් ඇති බවයි.

විල්බාව පුද්ගලික ආයතනයක ඉදි කිරිම් කරන කම්කරුවන් නවාතැන්ගෙන සිටි වාඩියක ගින්න හටගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කුරුණෑගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.