මුදල් වංචා කළ සැකකාරියක් CID අත්අඩංගුවට

උරුමය ඔප්පු දෙන බව පවසා රුපියල් කෝටි 9 ක් වංචා කළ සැකකාරියක් CID අත්අඩංගුවට..

by Staff writer 27-08-2025 | 1:19 PM

COLOMBO (News 1st) - උරුමය ඔප්පු දෙන බව පවසා රුපියල් කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත සැකකාරිය බකමූණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය ඉඩම් ඔප්පු 164 ක් ලබා දෙන බව පවසා එම මුදල් වංචා කර ඇති බව පොලිසිය සදහන් කරන ලදි.