කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් CID අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් ඉන්දුනිසියාවේදී CID අත්අඩංගුවට...

by Staff writer 28-08-2025 | 9:31 AM

COLOMBO (News 1st) -  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගෙන සිටින, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධ කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එරටට ගොස් සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ කුඩා දරුවෙකු ද සිටින බව, පොලීසිය ප්‍රකාශ කළේය.