පොලිස් නිලධාරියකුට පහර දුන් නාගරික මන්ත්‍රී කොටු

කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට..

by Staff writer 28-08-2025 | 9:37 AM

COLOMBO (News 1st) - පසුගිය 26 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයා කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු කළුතර නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු එදින කලහාකාරී ලෙස හැසිරෙමින්, ඔහු අතැතිව තිබු වතුර බෝතලයකින් පොලිස් කොස්තාපල්වරයාට පහර දී තිබුණි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කැලණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින්  එම විරෝධතාව පැවැත් විය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤ වීදිය පොලීසියට භාර දීමට නියමිතය.