පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට: සංවිධානාත්මක අපරාධ කල්ලි ගැටුමක් විය හැකි බවට සැකයක්...

by Staff writer 28-08-2025 | 8:39 AM

COLOMBO (News 1st) - පානදුර, දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ(27) රාත්‍රියේ නිවසක සිටි එම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට යොදා ගත් ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් අතර ගැටුමක් විය හැකි බවට පොලීසිය සැක පළ කළේය.