වෛද්‍ය බෙල්ලන රනිල් ගැන කළ ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණ

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්..

by Staff writer 02-09-2025 | 7:38 AM

COLOMBO (News 1st) - කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා සම්බන්ධයෙන් මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යංශ විමර්ශන ඒකකය මගින් එම පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගැන කර ඇති ප්‍රකාශයක් පිළිබදවද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ ය.