දුම්රියක් පීලි පනී...

දුම්රියක් පීලි පනී, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

by Staff writer 08-09-2025 | 10:33 PM

COLOMBO (News 1st) - කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක් තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

පීලි පැනීමට ලක්වූ දුම්රිය මාර්ග බාදකය අසල නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අනතුරින් ලොරි රථයේ රිය සහයක සුලු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.