අම්බලන්ගොඩ වෙඩි තැබීමක්...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්...

by Staff writer 09-09-2025 | 6:32 PM

COLOMBO (News 1st) - අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් දෙදෙනෙකු, අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට පැමිණ ඇති බවයි.

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයා වෙඩික්කරුවන් සමග පොරබදා තිබේ.

පොර බදන අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙඩි තැබුවද ඉන් හානියක් සිදුව නොමැත.

පොරබැදීම සිදුකළ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාල ලබා ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.