වත්තේගම නගර සභා හිටපු සභාපතිවරයා අත්අඩගුවට..

වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩගුවට..

by Staff writer 13-09-2025 | 9:42 AM

COLOMBO (News 1st) - නීති විරෝධීව ජීප් රථ දෙකක් ආනයනය කර, ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත් අඩගුවට ගෙන තිබේ.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුවය.

සැකකරුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස්  කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර ඊට දෙපාර්තමේන්තු සේවකයෙකුගේද සහාය ලැබී ඇති බව පොලීසිය සදහන් කරන ලදි.

අත් අඩගංගුවට ගත් වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර මහතා 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණි.

අත් අඩගුවට ගත් අනෙක් සැකකරු හිටපු රාජ්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමග සමීපව කටයුතු කළ බව කියන ලක්ෂිත මනෝජ් වීරබාහු යන අයයි.

පොලිස් භාරයට ගත් ජීප් රථ දෙක ඉදිරි විමර්ශන සදහා මැණික්හින්න පොලිසියට රැගෙන විත් තිබේ.