මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිසම වාචික අදහස් විමසීම ලබන 18 වැනිදා සිට ඇරඹෙයි

by Staff writer 14-09-2025 | 8:38 AM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාචිකව මහජන අදහස් විමසීම, ලබන 18 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කළේ, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් පළමු සැසිය පැවැත්වෙන බවයි.

විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිතව යෝජනා භාර ගැනීම, ඔක්තෝබර් 7 වැනිදායින් අවසන් වන බව, ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ය.