රුසියාවේ භූ කම්පනයක්

රුසියාවේ කම්චට්කා අර්ධද්වීප ආසන්න මුහුදේ භූ කම්පනයක්

by Staff writer 19-09-2025 | 10:22 AM

COLOMBO (News 1st) - රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය ආසන්න මුහුදේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබේ.

එය මැග්නිටියුඩ් 7.8 ක ප්‍රභලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හේතුවෙන් කැම්චට්කාහි නැගෙනහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කළේ ය.

සියලු දෙනාම සන්සුන්ව කටයුතු කරන ලෙස කලාපයේ ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් ඉල්ලා සිටියි.