.webp)
COLOMBO (News 1st) - ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.
එය මෙවර මෙරට සමරන්නේ දේශීය සහ ගෝලීය ක්‍රියාකාරකම් - මෙහෙය වන තැනැත්තන්..අපගේ අභිලාශ යහපැවැත්ම හා අයිතිවාසිකම් තේමාවෙනි.
නව ලොවට පාර කායා දුන්නේ වැඩිහිටි ප්‍රජාවයි.
එබැවින් වැඩිහිටියන් යනු ලොව සාඩම්බර පුරවැසියන් කොට්ඨාසයකි.
වසය අවුරුදු 65 ඉක්ම වූවන් වැඩිහිටියන් ලෙස සලකන අතර ලොව බොහෝ රටවල වැඩිහිටි ජනගහනය ඉහළ යාම දැවැත්ත සමාජ ප්‍රශ්නයක් වී අවසන්.
ශ්‍රි ලංකාවද වැඩිහිටි ජනහගනය ඉහළ යාමේ ගැටලුව හේතුවෙන් පීඩා විඳින රටවලින් එකක්.
වැඩිහිටියන්ට ගෞරවාන්විතව සලකන සමාජයක් බිහි කිරීමට කැපවීම සමස්ත සමාජයේම වගකීමක් බව ඒත්තු ගැන්වීමෙන් ඔවුන්ගේ සැඳෑ සමයේ කරදර බාධා අවම වනු නොඅනුමානයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 වසරේදී ලෝක වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරන්නේ වැඩිහිටියන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක අවධානය යොමු කිරීමේ අටියෙනි.