.webp)
COLOMBO (News 1st) - සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් පාසල් සිසුන් වෙත ලබාදෙන ප්රතිලාභ ඉහළ දමා තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව ඊට අදාල ගිවිසුමද යාවාත්කාලීන කර ඇති බවය.
යාවත්කාලීන කළ නව ගිවිසුම යටතේ පාසල් සිසුන් වෙත ලබා දෙන සෞඛ්‍ය රක්ෂණාවරණය අනුව රජයේ හෝ පෞද්ගලික රෝහල නේවාසික ප්‍රතිකාර කටයුතු සඳහා හිමිවන මුදල රුපියල් ලක්ෂ තුනක්.
බාහිර ප්‍රතිකාර රුපියල් විසි දහසක්ද අසාධ්‍ය රෝග සඳහා රුපියල් ලක්ෂ 15 ක්ද හිමිවනු ඇත.
ඉහල දමා ඇති අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 2 ක්ද සදාකාලික අර්ධ අකරමණ්යතා සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක්ද හිමි වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තාවකාලික අකර්මණ්‍යතා සඳහා රුපියල් විසි පන් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ප්රතිලාභ හිමිවන බවයි.
යාවත්කාලින කල ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් එක් ලක්ෂ අසූ දහසකට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ''අස්වැසුම" වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය/නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා හිමිවන මුදල රුපියල් හැත්තෑ පන් දහසක්.
එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රුපියල් දෙලක්ෂ විසි පන් දහසක් වන අතර පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කෙරෙනු ඇති.
මාපියන් දෙදෙනාගේම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වනවා.
මෙම වැඩසටහන 2025/2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමේ දී පෙර පැවති ප්‍රතිලාභවලට අමතරව නව සංශෝධන ඇතුළත් කිරීම හේතුවෙන් නව ප්රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින්නේ සැප්තැම්බර් මස පළමුවැනිදා හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා පමණයි.