.webp)

28 හැවිරිදි අදාළ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු එකම පවුලේ සාමාජිකයින්.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩික්කරුවන්ට නවාතැන් දීම, ගිනි අවි ප්‍රවාහනය සහ මත්ද්‍රව්‍ය ලබා දීමේ චෝදනා යටතේයී.
තලංගම, අකුරේගොඩදී පසුගිය සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කෙරුණි.
