ගංගාරාමයේ අස්සජි හිමි ගෞරව සම්මානයකින් පිදුම් ලබයි

පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් 'Lifetime Achievement Award' ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි...

by Staff Writer . 23-02-2026 | 4:47 PM

COLOMBO (News 1st) - කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්, ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන  'Lifetime Achievement Award' ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ඒ, පූජය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය,අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා - ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරණ ලද සුවිශේෂී මෙහෙවර අගයමිනි.

ජීවිතයේ එක්වතාවක් පමණක් හිමිවන  Lifetime Achievement Award ගෞරව සම්මායෙන්, ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලැබූ පළමු අවස්ථාව,මෙය වීම විශේෂත්වයකි.

සම්මනය පිළිබඳව අදහස් දක්වමින් අස්සජි හිමියන් සඳහන් කළේ, මෙම ගෞරවය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ථ බෞද්ධ ජනතාව වෙනුවෙන්ම සිදුකරන ලද ඇගයීමක් බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා දියුණු කිරීමට අඛණ්ඩව කැපවෙන බව, සම්මනය පිළිබඳව අදහස් දක්වමින් අස්සජි හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

සිය ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කර ඇති  පූජ්‍ය අස්සජි හිමියන් ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රබෝධය වෙනුවෙන් සිදුකරන්නේ අමිල මෙහෙවරකි.