.webp)
 (6)-620684.jpg)
චමින්ද විජේසිරිට අමතරව ඔහුගේ රියදුරු බන්දුල රත්නායක සහ ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකටද වසර එකහමාරක සිරදඬුවම් නියම කළේ ය.
නමුත් අධිකරණයේදී අනාවරණය වූයේ රියදුරු බන්දුල රත්නායක මේ වන විට මියගොස් සිටින බවයි.
මෙම නඩුව විභාගයට ගැනුනේ ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු ජෙයරාමන් ට්‍රොක්සි හමුවේයි.
2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක බන්ඩාරවෙල නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් ජීප් රථයක් අවහිර කර ඔවුන්ට බැනවැදී, පහරදී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චමින් විජේසිරි ඇතුළු තිදෙනාට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබිණි.
ඔවුන්ට නැගුන චෝදනා වූයේ අයුතු අවහිරය, පහරදී තුවාල සිදුකිරීම, සාපරාධී බිය ගැන්වීම සහ මරණිය තර්ජනය හා තුවාල සිදුකිරීමයි.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙම චෝදනා සියල්ලට වැරදිකරුබව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ආරක්ෂක නිලධාරියා පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවෙන් නිදහස් කළේ ය.
අද තීන්දුව ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මහාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී, මරණ තර්ජනය කර සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි සහ ඔහුගේ ආරක්ෂකයා අද පස්වරුවේ බදුල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
