නව යුද හමුදාපති, ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න

ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න, නව යුද හමුදාපති ලෙස පත් කෙරේ.

by Staff writer 31-07-2026 | 6:57 PM

COLOMBO(News1st) - මෙරට 26වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න පත් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔහු ලුතිනන් ජෙනරල් නිලයට ද උසස් කරමින්.

ඊට අදාළ පත්වීම් ලිපිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද(31) පස්වරුවේ ලබා දුන්නේ, ජනාධිපති කාර්යාලයේදීයී.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන නිලන්ත ප්‍රේමරත්න, 1990 වසරේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා  යුද හමුදාවට එක්වුණා.

ඔහු, වසර 36ක යුද හමුදා දිවිය තුළ, මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් දෙවරක් රණශූර පදක්කම  සහ උත්තම සේවා පදක්කම ද හිමි කර ගෙන තිබේ.

හෙට(01) සිට බලපැවැත්වෙන පරිදි, නිලන්ත ප්‍රේමරත්න, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරුණි.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද විශ්‍රාම ගත්තේ, ජෙනරල් නිලයට උසස්වීම් ලබමින්.