ලාරාට අයත් කෝටි 4 දේපළ පරිහරණය අත්හිටුවයි

ලාරාට අයත් කෝටි 4 දේපළ පරිහරණය අත්හිටුවයි

by Chathurika Jayasundara 17-11-2026 | 8:51 PM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තංගල්ල වීරකැටියේ ඉන්දික ප්‍රසාද් නොහොත් ලාරා නැමැත්තාට අයත් රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් දේපළ පරිහරණය අත්හිටුවා තිබේ.

ඒ,  නීතී විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාශය විසින්.

දේපල අතරට පර්චස් 18ක ඉඩමේ ඉදිකර ඇති තෙමහල් නිවසක්, පර්චස් 9ට අධික ඉඩම සහ එහි ඉදිකර ඇති ගොඩනැගිල්ලක්, පර්චස් 19කට අධික තවත් ඉඩමක් සහ එහි ඉදිකර ඇති ගොඩනැගිලි දෙකක් සහ තවත් පර්චස් 37කට අධික ඉඩමක් ඇතුලත්.

සැකකරු නීති විරෝධි මත්ද්‍රව්‍ය ජවාරමෙන් උපයාගත් මුදලින් මිලදි ගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව එම පියවර ගැණුනි.

නීතී විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි ජනක විතානගේ මෙහෙයවිමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.