'රොටුඹ අමිල' නමැත්තා අද දිවයිනට....

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'රොටුඹ අමිල' නමැත්තා අද (20) පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

by Staff writer 20-11-2026 | 9:53 AM

COLOMBO(News1st) -  සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොටුඹ අමිල නැමැත්තා අද(20) පෙරවරුවේ දිවයිනට රැගෙන එමට නියමිතව තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශ රටක සැඟව සිටියදීයි.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවටගත් සැකකරු දිවයිනට රැගෙන ඒමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගත් රටට ගොස් ඇති බවයි.

'රොටුඹ අමිල' නැමැත්තා මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ අයෙකි.