.webp)

පවතින වැසි සමග මහනුවර සහ කෑගල්ල දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි.
එසේම කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල ,ගලිගමුව ,යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාද අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් ක්රියාත්මකයි.
මීට අමතරව කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල සහ අරණායක ප්රාදේශීය ලේඛම් කොට්ඨාශවලටත්, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහාත් අදියර 1 යටතේ ,නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණි.
