ලීසා ප්‍රෙස්ලි දිවි ගමනට සමුදෙයි..

ජනප්‍රිය අමෙරිකානු ගායන ශිල්පිනී ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 13-01-2023 | 3:58 PM

COLOMBO ( News 1st )  -  ජනප්‍රිය අමෙරිකානු ගායන ශිල්පිනී ලීසා මාරි ප්‍රෙස්ලි අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය, ලෝක ප්‍රකට ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලිගේ දියණියයි.

හෘදයාබාධයක් හේතුවෙන් ලීසා මාරි ප්‍රෙස්ලි මියයන විට 54 වන වියෙහි පසුවූ අතර 1968 දී උපත ලද ලීසා මාරි සිය පියාගේ අඩිපාරේ යමින් ගීත ඇල්බම 03ක් නිකුත් කළාය.

එම ගීත ඇල්බම පිටපත් දහස් ගණනින් ලොව පුරා අලෙවි වූයේ, ලීසා මාරි ලෝක ප්‍රකට ගායන ශිල්පිනියක් බවට පත්කරමිනි.

පොප් ලොවේ රජු මයිකල් ජැක්සන්, රංගන ශිල්පී නිකොලස් කේජ් සහ සංගීතඥයෙකු වන ඩැනී කීෆ් යන ජනාදරයට පත් පුද්ගලයින් සමග අතිනත ගෙන සිටි ඇය, දරුවන් සිව්දෙනෙකුගේ මවකි.

 ලීසා මාරි ප්‍රෙස්ලි අද (13) අවසන් ගමන් ගියේ ප්‍රෙස්ලිගේ පවුලට පෙම් බැඳි රසික නෙත් අගට කඳුළක් එක්කරමිනි