ශ්‍රී ලංකාවට රන් පදක්කමක්...

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්නට. - ආසියානු ක්‍රීඩා උළෙල

by Staff writer 04-10-2023 | 5:45 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ, රන් පදක්කම අද දිනා ගත්තාය.

චීනයේ හංග්ජොහීදී පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 2යි තත්පර 3යි දශම 2යි 0ක්.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මීටර 800 ධාවන ඉසව්වෙන් දිනූ පළමු පදක්කම මෙයයි.

එහි රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයටයි.

2002 වසරෙන් අනතුරුව මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම මෙය වේ.