ඔහු සුදු පැහැති ටීෂර්ට් එකක් ඇඳ සිටි අතර පලස්තීනයේ සිදු කෙරෙන බෝම්බ පිපිරීම් නවත්වන ලෙස එහි සඳහන් කර තිබුණි.
පසුව ආරක්ෂක අංශ විසින් ක්‍රීඩා පිටියට පැමිණි එම පුද්ගලයා වහාම ඉවත් කිරීමට කටයුතු කරනු ලැබිණි.
ලෝක කුසලායේ ඉන්දු - ඔස්ට්‍රේලියා අවසන් තරගය අහමදාබාද්හී, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වේ.
එම පුද්ගලයා හදිස්සියේ පිටියට කඩා පැන්නේ තරගයේ 13වැනි පන්දුවාරයේ 03 වැනි පන්දුව ක්‍රියාත්මක වී තිබු අවස්ථාවේදීය.
එම අවස්ථාවේ විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් පන්දුවට පහර දෙමින් සිටියේය.