.webp)

ඒ මෙරට වේලාවෙන් අද අලුයම 5.48ට චීනයේ "ජියෝච්වාන්" චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් "ලෝන්ග් මාර්ච් ටූ එෆ්" වර්ගයේ රොකට් යානයක් අභ්‍යවකාශගත කිරීමත් සමගින් ය.
අදාළ යානයේ චීන ගගනගාමීන් දෙදෙනා සමග පාකිස්තාන ජාතිකයෙකුද අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව ගියේ ය.
ඒ අනුව පාකිස්තානය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් මුහම්මද් සීෂාන් අලී, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන පළමු විදේශිකයා බවට පත්විය.
ඉදිරි දින කිහිපයේදී "Shenzhou - 24" මෙහෙයුමේ චීන ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩ භාර ගැනීමෙන් පසු මාස හයක පමණ කාලයක් එහි රැදී සිටි "ශෙන්ජෝ ටුවෙන්ට් ත්‍රී" මෙහෙයුමේ චීන ගගනගාමීන් යලි පෘථිවිය බලා පැමිණීමට නියමිතයි.
චීන අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය සඳහන් කළේ, එම යානයේම පාකිස්ථාන ගගනගාමියාද යළි පෘථිවියට යැවෙන බවයි..
පාකිස්ථානය සතුව අභ්‍යවකාශ යානයක් නොමැති පසුබිමක පසුගිය වසරේ චීනය සහ පාකිස්තානය අභ්‍යවකාශ ගවේෂණය සඳහන් ගිවිසුමකට එළැඹුණා..
ඒ සඳහා තෝරා ගැනුණු පකිස්තාන ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් මාසයේ සිට බීජිං නුවරදී පුහුණුවීම් සඳහා එක්වූ බව විදෙස් වාර්තාවල සඳහන් ය.
ISS හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අමතරව 2021 වසරේ සිට චීනය ඔවුන් වෙනුවෙන් "ටියැන්ග්-ගොන්ග්" අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම විශේෂත්වයක් ය.
