ගිලිහුණු 19 පහළ ලෝක කුසලාන සත්කාරකත්වය...

ශ්‍රී ලංකාවෙන් ගිලිහුණු 19 පහළ ලෝක කුසලාන සත්කාරකත්වය...

by Staff writer 21-11-2023 | 9:41 PM

COLOMBO (News 1st) - 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට මාරු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ ඇතැයි, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සඳහන් වේ.