.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළෙ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, නායෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ පුද්ගලයින් 880 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 11කට යොමුකර ඇතැයි බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා පවසයි.
දිස්ත්රික්ක ලේකම්වරයා පැවසුවේ, පවුල් 277 කට අයත් පුද්ගලයින් ඒ අතර වන බවයි.
වැලිමඩ - බදුල්ල මාර්ගයේ රාත්රී කාලයේ රිය ධාවනයෙන් වැලකී සිටින ලෙසද දිස්ත්රික් ලේකම්වරයා දැනුම් දෙයි.
මේ අතර, පවතින අධික වැසි හමුවේ රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ, වැලිගෙපොළ, ඕපනායක, ඉඹුල්පේ, සහ කොළොන්න යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, දිස්ත්රික්ක 04 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇති බවයි.
රත්නපුර, බදුල්ල, මහනුවර, කෑගල්ල යන දිස්ත්රික්ක වල ප්රාදේශීය ලේකම් කොට්ඨාස ඒ අතරට අයත් ය.