මාස 10 ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

මාස 10 ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්.. කුඩා ළමුන් වැඩි පිරිසක් ඒ අතර..

by Staff writer 27-11-2023 | 7:24 AM

COLOMBO (News 1st) – මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පැවසුවේ ය.