ප්‍රවීණරංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 17-12-2023 | 3:16 PM

COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත විය. 

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස, අවුරුදු 77 කි. 

කඩුල්ල ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පා තැබූ ඒ මහතා ඇල්ල ළඟ වලව්ව, බට්ටී ඇතුළු ටෙලි නාට්‍ය 250 කට පමණ රංගන දායකත්වය දී තිබේ. 

කරුමක්කාරයෝ, සාගරයක් මැද, සක්විති සුවය, කරදිය වළල්ල ඇතුළු සිනමා පට රැසක් ඔහුගේ රංග ප්‍රතිභාවෙන් වර්ණවත් විය. 

අභාවප්‍රාප්ත ලයනල් වික්‍රම මහතාගේ දේහය අද (17)දහවල් සිට මහනුවර, මුරුතලාවේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ. 

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(18) පස්වරුවේ ගිරාගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.