.webp)
භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුට් ඒකක 6.5 ක් ලෙසයි.
එහි ප්‍රබලත්වය ඉන්දියාවට හා පකිස්ථානයට ද දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 150කගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.
මේ අතර භූ කම්පනයෙන් පසු සුපරීක්ෂාකාරීව සිටින ලෙස පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් එරට ආපදා කළමනාකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.