.webp)
COLOMBO ( News 1st ) - නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ෆින්ලන්තයට තුර්කියේ අනුමැතිය හිමිව තිබේ.
එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට නම්, අනෙකුත් සියලුම සාමාජිකයින්ගේ අනුමැතිය ඔවුන්ට හිමිවිය යුතුයි.
තුර්කිය කිහිප වතාවකදී ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව සිය විරෝධය පළ කළ ද ඊයේ (31) තුර්කි පාර්ලිමේන්තුව ඊට අනුමැතිය ලබා දී තිබෙන අතර ඒ අනුව ජූලි මාසයේදී ලිතුවේනියාවේදී පැවැත්වීමට නියමිත නේටෝ සංවිධානයේ සමුළුවේදී ෆින්ලන්තය නිල වශයෙන් සාමාජිකත්වය ලබාගැනීමට නියමිතයි.