බිල්පත් නොගෙවූ 40,000 ක ජල සබඳතා විසන්ධි කෙරේ..

බිල්පත් නොගෙවූ 40,000 ක ජල සබඳතා විසන්ධි කෙරේ..

by Staff writer 31-03-2023 | 6:55 AM

COLOMBO (News 1st) – මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අයවිය යුතු බවයි

ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන ද වෙයි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී තිබේ.  

පවතින තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධිකයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ  ය.