.webp)
ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ඇයගේ ගමන් මලු 02 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි.
ඇය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.