යුපුන් අබේකෝන්ට ජාත්‍යන්තර තරග ජයග්‍රහණයක්

යුපුන් අබේකෝන් සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගනී

by Staff writer 25-05-2023 | 9:01 AM

News 1st - යුපුන් අබේකෝන් සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනිස්ථානය දිනා ගෙන තිබේ.

මෙම තරගාවලිය ඉතාලියේ සැවෝනාහිදී පැවැත්වෙනු ඇත.

එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10යි දශම 0යි 4ක කාලයක් සටහන් කරමිනි.

ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ය.

අවසන් තරගයේදී ද යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගැනීමට සමත් විය.

ඔහු එහිදී දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ, තත්ත්පර 10යි දශම 0යි 1ක් ලෙසයි.

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9යි දශම 9යි 4ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ් ය.