නවසීලන්තය ශ්‍රී ලංකාව සහභාගී වන පළමු රග්බි තරගය අද

වසර 119කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක්, ශ්‍රී ලංකාව සමග මෙරටදී සහභාගී වන පළමු තරගය අද මහනුවර දී

by Staff writer 04-05-2025 | 3:45 PM

COLOMBO (News1st) - නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට පහළ බර පන්තියේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර තරගයේ පළමු අදියර අද (04) පැවැත්වේ.

වසර 119කට පසුව නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරට දී සහභාගී වන පළමු තරගය මෙය වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 85ට පහළ බර පන්තියේ රග්බි කණ්ඩායමක් නවසීලන්තය නම් කළ පළමු අවස්ථාවද මෙය වේ.

මෙම තරගය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර  අද නිත්තවෙලදී පැවැත්වේ.

දෙවැනි අදියර එළැඹෙන 10 වැනිදා කොළඹ තුරග තරගපිටියේදී පැවැත්වේ.