IPL ශූරයින් කවුද? තීරණය අද රාත්‍රියේ..

IPL ශූරයින් කවුද? තීරණය අද රාත්‍රියේ..

by Staff writer 28-05-2023 | 2:20 PM

COLOMBO (News 1st) - ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) රාත්‍රියේ පැවැත්වෙයි. 

16 වැනි වරට දිග හැරුණු  IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ගත්තේ සිව්වරක් IPL කිරුළ දිනූ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ එක් වරක් පමණක් ශූරයින් වී සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අවස්ථා 5කදී  IPL ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, මෙවර ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයකට ලක්වූයේ, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දැක්වූ  දක්ෂතා හේතුවෙනි.

මේ වන විට ඔවුන් ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රියය ක්‍රීඩා තරුදෙකක් බවට පත්වී හමාරය.

අඛණ්ඩව දෙවැනි වරටත් ශූරයින් බවට පත්වීම සඳහා හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් බල ගැන්වුණු ගුජරාට් ටයිටන්ස් අද තරග එක්වෙද්දී , IPL කිරුළ 5වන වරටත් තම කණ්ඩායම සතුකර ගැනීමේ අරමුණ ඇතිව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද තරග බිමට එක්වේ.

තීරණාත්මක අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7යි 30ට අහමදාබාද්හිදී  පටියේ දී ආරම්භ වීමට නියමිතයි.