ඉන්ධන මිල වෙනස් වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

by Staff writer 31-05-2023 | 9:44 PM

COLOMBO (News 1st) - අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත.

ඒ අනුව   ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 කි.

නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල ඉහළ දමා ඇත.

ඒ  රුපියල් 20 කිනි.

ඒ අනුව එහි නව මිල රුපියල් 385 ක් වනු ඇති.