ක්‍රිකට් ලෝකකුසලානය:මුදල් ත්‍යාග ප්‍රකාශයට පත්කෙරේ

ක්‍රිකට් ලෝක කුසලානයට USD මිලියන 10 ක මුදල් ත්‍යාග ප්‍රකාශයට පත් කෙරේ..

by Staff writer 25-09-2023 | 12:19 PM

COLOMBO (News 1st) –  2023 ඉන්දියාවේ පැවැත්වෙන ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා USD මිලියන 10 ක මුදල් ත්‍යාග ප්‍රකාශයට පත් කර තිබේ. 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුළු ත්‍යාග මුදලෙන් ඩොලර් මිලියන 4 ක් පිරිනැමීමට නියමිත බව ICCය සැප්තැම්බර් 22 වන දින නිවේදනය කළේ ය. 

නොවැම්බර් 19 වැනිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේ අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් හිමිවේ. 

කණ්ඩායම් 10 ම කණ්ඩායම් අදියරේදී රවුන්ඩ් රොබින් ක්‍රමයට එක් වරක් හෝ එකෙනෙකා සමග ක්‍රීඩා කරනු ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙයි.