කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට

by Staff writer 25-09-2023 | 2:28 PM

COLOMBO (News 1st) - 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

චීනයේ හංග්ජෝව් නුවර පැවැති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 116කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97ක් පමණි.

ඒ අනුව තරගය ජය ගත් ඉන්දීය කණ්ඩායමට රන් පදක්කම හිමි විය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙළේ දී පදක්කම දිනා ගත්තේ 2014 වසරේදීයි.

ඒ දකුණු කොරියාවේ ඉන්චියෝන්හි පැවති තරගාවලියේදීයි.