.webp)
COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන් ශානකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මෙම සංචිතයට කුසල් මෙන්ඩ්ස් , කුසල් ජනිත් , පැතුම් නිශ්ශංක , දිමුත් කරුණාරත්න , චරිත් අසලංක , ධනංජය ද සිල්වා , සධීර සමරවික්‍රම , කසුන් රාජිත , දුනිත් වෙල්ලාලගේ , මතීෂ පතිරණ , ලහිරු කුමාර ඇතුළත් වේ.
වනිඳු හසරංග , මහීෂ් තීක්ෂන , දිල්ෂාන් මදුෂන්ක , ශාරීරික යෝග්‍යතා මත කණ්ඩායමට එක් වනු ඇති.
ලබන ඔක්තෝබර් 05වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතීන් හිමි කරගෙන සිටින්නේ සිරස මාධ්‍ය ජාලයයි.